ඇලෝසියස්ගේ ඇප ඉල්ලීම මහාධිකරණයට යැවිය යුතුයැයි නීතිපති කියයි


රංජන් කටුගම්පොළ  සහ  තිළිණි ද සිල්වා  
 
අර්ජුන ඇලෝසියස්ගේ සහ කසුන් පලිසේනගේ ප්‍රතිශෝධන පෙත්සම ගැන සලකා බැලිය හැක්කේ එය මහාධිකරණයට යොමු කිරීමෙන් පමණක් බව  අතිරේක සොලිටර් ජනරාල් ජනාධිපති නිතිඥ යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණය හමුවේ අද  කියා සිටියේය.

 
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් රිමාන්ඩ් කරන සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන්ගේ ඇප ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ  විනිසුරු ශිරාන් ගූණරත්න යන මහත්වරුන් හමුවේ අද කැඳැවිණි.
 
අතිරේක සොලිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණය හමුවේ  කියා සිටියේ පූර්වාදර්ශ නඩු තින්දු දෙකක් අනුව  මෙම පෙත්සම  පවත්වා ගෙන යා නොහැකි බවයි.    ඇප අයදුම සළකා බැලිම සඳහා විශේෂිත හේතූ ඉදිරිපත් කර නොමැති බව ඔහු කීවේය.  අභියාචනාධිකරණයට මෙම ප‍්‍රතිශෝධන පෙත්සම සලකා බලා සිදු කළහැක්කේ  මහාධිකරණ නියෝගය අවලංගූ කර  පෙත්සම යළි මහාධිකරණයට යොමුකිරිම පමණක් බව ද කෝදාගොඩ මහතා කීවේය.