ඇලෝසියස්ගෙන් සහ පලිසේනගෙන් පිටු 1000කට වැඩි කටඋත්තර


බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් මහතාගේ සහ කසුන් පලිසේන මහතාගේ කටඋත්තර පිටු 1000කට අධික බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
 
ඉරිදා උදෑසන මේ දෙදෙනා රහස් පොලිස් භාරයට ගත් අතර රාත්‍රී අට පමණ වනතුරු ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු වූ බව එම ආරංචි මාර්ග පවසයි.
 
ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇතැයි ද, අධිකරණයේ අවසරය ඇතිව බන්ධනාගාරයට ගොස් එම ප්‍රකාශ සටහන් කර ගැනීමට අදහස් කරන බව ද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.