(සුජිත් හේවාජුලිගේ )
ඇලොසියස්ගෙන් මුදල් ගත්තා යැයි කියන 118 ලැයිස්තුවේ තමන්ගේ කණ්ඩායම්වල මන්ත්‍රීවරු නැතැයි රටට සහතිකයක් දෙන ලෙස ජනාධිපති අගමැති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට තමා අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ ලැයිස්තුවේ තම පක්ෂයේ කිසිවකුත් නැතැයි තමා රටට සහතිකයක් දෙන බවද ඔහු සඳහන් කළේය.
ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 ලැයිස්තුව නොපමාව හෙළි කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව කී දිසානායක මහතා ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද සහන් කළේය.