(සුජිත් හේවාජුලිගේ )
ඇලෝසියස්ගේ මුදල් ගත්තැයි කියන 118 දෙනකුගේ ලැයිස්තුවක් කොහේවත් නැති බවත් 118 ලැයිස්තුව අම්පාරේ වඳ පෙත්ත වගේ බොරු කතාවක් බවත් කතානායක කරූ ජයසුරිය මහතා පැවසීය.
ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පැවැත්වු කිහිප දෙනකු පිළිබඳව තොරතුරු තිබෙන බවත් ඒවා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කතානායකවරයා පැවසීය.
කතානායකවරයා මේ බව පැවසුයේ ඔහුගේ නිල නිවසේදී පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.