ඇලෝසියස් සහ කසුන් පලිසේන සඳුදා තෙක් රිමාන්ඩ්


බැඳුම්කර වංචාවට සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන  යන මහත්වරුන් සඳුදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 
 
ඔවුන් දෙදෙනා රහස් පොලිස් භාරයට ගනු ලැබුවේ අද උදෑසනය. ඉන් පසු රහස් පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු රහස් පොලිසිට මීට ටික වේලාවකට පෙර ඔවුන් කොටුව මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළේය.
 
බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය. 
 
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ ජීවත් වන අතර ලබන 15 වැනිදාට පෙර රහස් පොලිසියේ පෙනී සිටින්නැයි සිංගප්පූරුවේ අන්තර් ජාතික පොලිසිය හරහා මහේන්ද්‍රන් මහතාට නොතීසි යවන ලෙස අධිකරණය නියෝග කළේය.

(ඡායාරූප බුද්ධික කුමාරසිරි)