(සමන්පාලිත නානායක්කාර සහ පාලිත ආරියවංශ)
ඇල්ල ,කිතල්ඇල්ල හෝටලයක දී ඉකුත් 25 වැනි දා විවාහ ගිවිසගත් නව යුවළකට සහ එම විවාහ මංගල උත්සවයට එක්වූ තවත් හතර දෙනකුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වූ බව ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
ආසාධිතයන් අතර මනාලියගේ මව ඇතුළු ඥාතීහු වෙති . ඔවුන් මකුල්ඇල්ල සහ කුඹල්වෙල පදිංචි කරුවන් වන අතර මේ සියළු දෙනා ප්‍රතිකාර සදහා යොමුකර තිබේ .
අනකුත් ආශ්‍රිතියන් සොයා විමර්ශනයක් ආරම්භ කළ බවද ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල ප්‍රකාශයෙක් පැවසීය.
මෙම විවාහ මංගල උත්සවයට 200කට අධික ඥාතීන් හා හිතවතුන් පිරිසක් සහභාගී වී ඇත.

