(ඩී.කේ.රත්න)
ඇල්ල නගරයේ ප්‍රධාන සංචාරක හෝටල් හතරකට අයත් 53 දෙනෙකු අද (18) සිට දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇතැයි ඇල්ල පොලිසිය පැවසීය.
ඇල්ල නගරයේ සංචාරක හෝටලයක නැවතී සිටි දේශීය සංචාරක මග පෙන්වන්නෙකුට සහ ඇල්ල නගරයේම සංචාරක හෝටයක නතර වී සිටි විදේශීය සංචාරකයින් දෙදෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනයවීම නිසා එම සංචාරක හෝටල්වල සේවකයින් හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
මෙම ස්වයං නිරෝධායනයට ලක්කළ පිරිසට අමතරව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම තිදෙනා ඇසුරු කළ තවත් පිරිසක් මෙම ප්‍රදේශයේ ඇති බවත් එම පිරිසද සොයා ස්වයං නිරෝධායනයට ලක්කිරීමට මේ වන විට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඇල්ල පොලිසිය පැවසීය.

