(පද්මසිරි ගාර්දියවසම්)
රාවණා ඇල්ල රිය අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලය සහ දරු දෙදෙනා ඇතුළු 15 දෙනාගෙන් දේහයන් 12ක් තංගල්ල නගර ශාලාවේ මහජන ගෞරවය සදහා අද (06) උදෑසන තැන්පත් කළේය.
නගර ශාලාවට වැඩම කළ ප්‍රදේශයේ මහ සගරුවන පාංශුකූල කටයුතු උදෑසන 10ට සිදුකිරීමෙන් අනතුරුව 10.30ට පමණ දේහයන් නිවෙස් කරා රැගෙන ගියහ.
අවසන් ගෞරවය දැක්වීම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියහ.
තංගල්ල ,අම්බලන්තොට ,බෙලිඅත්ත ,හක්මන ප්‍රදේශවල පදිංචි නගර සභාවේ කාර්ය මණ්ඩල නිළධාරින් පිරිසක් මෙම අනතුරින් මියගොස් තිබේ. බොහෝ දේහයන්ගේ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතය



