සමන් පාලිත නානයක්කාර්
පස්කඳු කඩා වැටී අද (07) පස්වරු 3.00ට පමණ අවහිර වු ඇල්ල - වැල්ලවාය මාර්ගය මේ වන විට වාහන යා හැකිවන පරිදි සකස් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මාර්ග සංවර්ධන අධිකාරිය , ඇල්ල පොලිසිය හා උමාඔය ව්‍යාපෘතියේ බැකෝ යන්ත්‍ර ද භාවිතා කරමින් මාර්ගයට වැටී තිබූ පස් හා ගල් ඉවත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කීය.
කෙසේ වෙතත් මෙම මාර්ගයට තැනින් තැන පසුකඳු කඩා වැටීමේ හා ගල් පෙරලීමේ අවදානමක් ඇති බැවින් විමසිලිමත්ව රිය ධාවනය කරවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය.