ඇල්පිටියේ සාදයකට බෝම්බ


ඇල්පිටියේ නවඳගල 21 කොටසේ නිවසක සාදයක් පවතිද්දී එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පස් දෙනෙක් තුවාල ලැබුහ.

අද අළුයම සිදු වු මෙම සිද්ධියෙන් තුවාල ලැබු අය අතර සෙබලුන් තිදෙනෙක්ද වෙති.

තුවාලකරුවෝ ඇල්පිටිය රෝහළෙන් ගාල්ල රෝහලට මාරු කර යවා ඇත.