ඇල්පිටියේ සිට පැලවත්ත බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් පිටිගල උහන්ඕවිටදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ මගීන් 8 දෙනකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
බස් රථය අධික වේගයෙන් ධාවනය වීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

