ඇල්පිටියෙන් කෙහෙල් ඇවරිය විසිවේ


අමල් වික්‍රමරත්න

පළාත් පාලන  එක්සත් ජාතික  නිදහස් පෙරමුණ (කෙසෙල් ඇවරිය ලකුණ ) යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා අද ප්‍රතික්ෂේප  විය.  එම නිසා එම පක්ෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් 31 දෙනෙකුට ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කිරිමට තිබු අවස්ථාව මේ නිසා  අහිමි විය.
 
මේ අතර ,රත්ගම ප්‍රාදේශිය සභාවට   ප්‍රජාතන්තුවාදි ජනතා ව්‍යාපාරය (කාරය ලකුණ) ඉදිරිපත් කළ  අතිරේක ලැයිස්තුවේ අපේක්ෂකයන් 14 දෙනෙකුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප  කිරිමට  සිදුවූ බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී  එස්.ටී කොඩිකාර මහතා පවසයි.
 
මේ අනුව පළාත් පාලන මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කය සඳහා   අපෙක්ෂකයන් 2892   දෙනෙකු නාමයෝජනා භාරදී තිබුණු අතර  පළාත් පාලන ආයතන 20ක් සඳහා සභිකයන් 447 දෙනෙකු තෝරාගැනීමට නියමිතය. ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 270ක් සඳහා කොට්ඨාස මට්ටමින් මන්ත්‍රිවරුන් 272කු සහ   ලැයුස්තුවෙන් 175කු   තෝරාගනීමට නියමිතය.