ඇල්පිටිය ප්‍රාසභා ඡන්දය අධිකරණයෙන් අත්හිටුවයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය  පැවැත්වීම වලක්වමින්  ශ්‍රේෂ්ඨාධිකරණය  අද (30)අතුරු නියෝගයක් නිකුත්  කළේය .

මෙම අතුරු නියෝගය නිකුත් කළේ  ප්‍රාජාතන්ත්‍රවාදී  ජාතික පෙරමුණ ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.

කේ.ටී චිත්‍රසිරි, බුවනෙක අළුවිහාරේ , ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල  හමුවේ පෙත්සම කැඳැවිණි.

බලයලත්  නිලධාරීන් තම නාමයෝජනා පත්‍රය බාර නොදීම හේතුවෙන් තම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කළ බවත් , එමගින්  මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් කියමින් එම පක්ෂය යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි අපේක්ෂකයන් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

මෙම පෙත්සම්  විභාගය අවසන් වන තුරු ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ තාවකාලික අත්හිටුවීමට අධිකරණය තීන්දු කළේය.