ඇල්පිටිය ප්‍රා.සභා පෙත්සම කල් යයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දය පැවැත්වීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ගොණු කළ පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලිම ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.

මෙහි වගඋත්තරකරුවන්ගේ විරෝධතාද එදිනට ගොණු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම ඊවා වනසුන්දර , ප්‍රසන්න ජයවර්ධන සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

මෙම පෙත්සම මීට පෙර කැදවූ අවස්ථාවේදී ද ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වාලීම වලක්වාලමින් ශශ්‍රේෂ්ඨාධිකරණ අතුරුනියෝගයක් නිකුත් කර තිබිණි.


බලයලත් නිලධාරීන් විසින් නාම⁣යෝජනා පත්‍රය බාර නොදීම හේතුවෙන් තම නාමයෝජනා ප්‍රතික්ෂේප කළ බවත් එමගින් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි එම පක්ෂය යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක ඇතුළු තිදෙනෙකු මෙම පෙත්සම ගොනු කර තිබිණි.

මෙහි වගඋත්තරකරැවන් වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයෝ නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම්  විභාගය අවසන් වන තුරු එම ප්‍රාදේශීය සභා මැතිවරණ තාවකාලික අත්හිටුවීමට අධිකරණය තීන්දු කළේය.