
(චන්ද්‍රසිරි ගුණසේකර.)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස (පො.ජ.පෙ.)ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් ප්‍රියදර්ශන මහතා අද ( 01 )වන දින පෙරවරුවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය ඉදිරියේ දිවුරුම්දී වැඩභාරගනු ලැබීය.
ලංකාවේ දැනට ක්‍රියාත්මකවන එකම ප්‍රාදේශීය සභාව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණි.
පොදුජන පෙරමුණට බලය හිමි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රි සංඛ්‍යාව 29 කි.ඉන් 17 ක් පොදුජන පෙරමුණේ අයවන අතර 07 ක් එක්සත් ජාතික පකෂයේ අය වෙති. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 03 ක් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු 02 කි
ගතවූ ඉකුත් මාස දෙකකට ආසන්න කාලයක් වැඩබලන සභාපතිවරයා විසින් සභාවේ කටයුතු කරගෙන ගියත් ප්‍රාදේශීය සභා පනත අනුව සභාවේ කිසිම කටයුත්තක් සඳහා මුදල් අනුමත කිරීමේ බලයක් වැඩබලන සභාපතිවරයාට හිමි නොවීම නිසා සභාව පවත්වාගෙන යාමට ගැටළු රැසක් මතුවී තිබුණි.
ඒ නිසා සභාව යථා පරිදි පවත්වාගෙන යාම සඳහා නලීන් ප්‍රියදර්ශන මහතා නව සභාපතිවරයා ලෙස පත්කරන්නැයි පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම්දී තිබුණි. ඒ අනුව නලීන් ප්‍රියදර්ශන මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කරමින් ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.එම ගැසට් නිවේදනය අනුව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඉදිරියේ දිවුරුම් දී නව සභාපතිවරයා ලෙස නලීන් ප්‍රියදර්ශන මහතා වැඩභාරගනු ලැබීය.

