
(ජී.ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් නාය යෑමේ අවදානමක් මතුව ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනල් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසීය.
ඇල්පිටිය සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මෙම අවදානම පවතින බවත් එම ප්‍රදේශ වල සිටින ජනාතාවට විමසිල්ලෙන් සිටින ලෙසත් ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ද අනතුරු ඇඟවීමේ දැන්වීම් මේ වන විට නිකුත් කර ඇතැයි ද සහකාර අධ්‍යක්ෂවරයා කීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකම පහත්බිම් මේ වෙන විට ජලයෙන් යට වී ඇතැයිද සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

