ඇල්පිටි රෝහලට කෑම නෑ


රුපියල් තිස් හය ලක්ෂයක හිග මුදල් කොන්ත්‍රාත්කරුට නොගෙවීම නිසා ඇල්පිටිය රෝහලේ  රෝගීන්ට අද සිට කෑම නැවතී ඇත.

හය මාසයක මුදල් තමාට නොලැබුණු බවත්  එයින් කෑම  සැපයීම අත්හිටවු බවත් ඔවුහු රෝහල් බලධාරීන්ට කියති. රෝගීහු 150 ක් පමණ සිටිති.

රෝහල් ප්‍රකාශකයකු පැවසුයේ අද උදේ ආහාරය  වරැදුණු නමුත් දහවල් ආහාර සපයන බවයි. කොන්ත්‍රාත්කරුගේ මුදල් කඩිනමින් ගෙවන බවද ඔහු කීවේය.