ඇල්දෙණිය පන්සලට යකඩ දාගැබක්


ඇල්දෙණිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වන්දනා කිරීම සඳහා දාගැබක් නොමැති අඩුව පිරවීමට එම ප්‍රදේශයේම වෙසෙන නිහාල් පද්මසිරි මහතා සිය පරිශ්‍රමයෙන් යකඩ වලින් දාගැබක් ඉදිකර පුජා කළේය.

මෙම දාගැබේ විශේෂත්වය වන්නේ යකඩ රත් නොකර නවා නිෂ්පාදනය කිරීමයි. යකඩ රත්කිරිමෙන් තොරව නැමීමෙන් විවිධ නිර්මාණ කිරීම සදහා නිහාල් පද්මසිරි මහතා දක්වන්නේ විශේෂ දක්ෂතාවයකි. ඔහු විසින්ම නිර්මාණය කරගන්නා ලද යන්ත්‍ර සහ උපකරණ මගින් මෙසේ රත්කිරිමෙන් තොරව ඝනකම් යකඩ පට්ටම් සහ කම්බි නවා විවිධ නිර්මාණ සිදුකරයි. වසර 10 ක් පුරා ජනතාවට වන්දනා කිරීමට දාගැබක් නොමැති බව දුටු ඔහු මෙසේ යකඩ මගින් දාගැබක් ඉදිකර පන්සලට පුජා කළේය.

yakada_2015104 yakada_201510448 yakada_2015104482 yakada_2015104483