ඇල සුද්ධ කරද්දි අත්බෝම්බයක් හමුවෙයි


ක.ග කරුණාරත්න
 
බකමූණ, අත්තනකඩවල බිංගේ මුදුන ප්‍රදේශයේදී බැකෝ යන්ත්‍රයකින් වාරි ඇලක් සුද්ද කරමින් සිටියදී අද (17) උදේ 10.00 ට පමණ විදේශ රටක නිපදවන ලද ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි පොලීසිය කියයි.
 
අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් එම අත් බෝම්බය නිශ්ක්‍රීය කිරීමට කටයුතු කරන බව ද පොලීසිය සඳහන් කළේය.