ඇරැඹිමට නියමිත වු බස් වර්ජනය නවත්වයි


(මහින්ද නිශ්ශංක)


පෞද්ගලික බස් කර්මාන්තයෙහි පවතින ගැටළු මුල් කරගනිමින් අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුළු බස් සංගම් කිහිපයක්  අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ඇරැඹිමට තිබු දීප ව්‍යාප්ත බස් වර්ජනය තාවකාලිකව අත්හිටවු බව  අන්තර් පළාත්  බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසීය.


 අපොස උසස් පෙළ විභාගය ගැන සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.