ආදරයයි-කැස්සයි හංගන්න බැරි දෙයක් ලූ. තාරුණ්‍යයේ දක්ෂ රංගන ශිල්පියෙකු වන හර්ෂණ බෙත්මගේ ගෙන් ආදරය කරන්නෙ කාටද කියලා ඇහුවාම, එයා කාටවත් ඒ ගැන කිව්වෙම නැහැ. ඒත් හැමෝම වගේ එයාගේ යාළු මිත්රයින් මේ ගැන දැනගෙන හිටියලූ. කවුද හැබෑවටම හර්ෂණගෙ පෙම්වතිය? එළැඹෙන වසරේ මේ දෙදෙනා විවාහයටත් සූදානම්ලූ.
මේ දිනවල විකාශය කෙරෙන රවින්ද්‍ර විජයරත්නගේ දියණියෝ (රූපවාහිනිය), කුටු කුටු මාමා (ITN), සුදන්ත තිලකසිරිගේ ‘සඳ දියවර’ (ITN) යන නාට්‍ය සහ රන්ජන් ප්‍රසන්නගේ සුජාතා (සිරස) නාට්‍ය සමග ආලින්දයට පැමිණෙන හර්ෂණ තම සෑබෑ ජීවිතයේ පෙම්වතිය ගැන සඳැල්ල කතාබහට කීවේ මෙලෙසිනි.
අද ඔබගේ මේ පෙම්වතිය ගැන හැමෝම කතා වෙනවා නේද?
ඔව්. ඇත්තටම ඇයත් රංගන ශිල්පිනියක්නෙ.
ඇයි ඇයට හිත ගියේ?
ඇය ගොඩාක් හොඳ කෙනෙක්. ඇය මට ආදරෙයි. සෑහෙන දේ ගැන තේරුම් ගැනීමේ අවබෝධය ඇයට තියෙනවා.

ඒ ආදරවන්තිය හමුවූ හැටි කිව්වොත්?
ඇය හඳුනාගත්තේ ළමා කාලයේ සිටමයි. අවුරුදු 15කට විතර පෙරදී ඇය රූපවාහිණි ළමා වැඩසටහන්වලට සහභාගි වුණා. එදා අපි දෙන්නාම ළමා නළු නිළියන් ලෙස කටයුතු කළා. ඒ ඇසුර ”මුතුහර, අතුරු මිතුරු, රන්සිත් යාය” දක්වා විහිදී ගියා. පසුව දෙදෙනාගේම අධ්‍යාපන කටයුතු එක්ක ඒවා නතර වෙලා ඇය කලා කටයුතුවලින් ඈත්වෙලා හිටියා. පසුව ආයෙත් අපි හමුවුණේ තුරුණු වියේදීයි. අපි දෙන්නාගෙ ආදර කතාව පටන් අරගෙන දැන් අවුරුදු දෙකක් විතර වෙනවා.
ගෙවල් දෙකේ වැඩිහිටියන් දන්නවද?
ඔව්, ඔක්කොමලාගේ ආශිර්වාද ගත්තා.
දැන් මංගල උත්සවයට ද ලැහැස්ති වෙන්නේ?
ලබන අවුරුද්දෙදි විවාහ උත්සවය ගන්න සූදානම් වෙනවා. තවම දින නම් යොදාගෙන නැහැ.
එදා පුංචි කාලයේ දී ඔබ හිතුවද ඇය කවදාහරි මේ විදියට පෙම්වතිය සේ හමුවේවි කියලා?
කොහෙත්ම නෑ.

ඇය කෙරෙහි හිත යන්න විශේෂම හේතුව.
මොකක්ද හුරු පුරුදු කමක් තිබුණා. ක්ෂේත්රයේ සිටියදීත් දෙන්නාට දෙන්නාගේ තේරුම් ගැනීමේ අවබෝධය තිබුණා. ඇය තේරුම් ගන්න සංකීර්ණ නැහැ. ඇය මම වගේම සරලයි. මේ වගේ සංකීර්ණ සමාජ වටපිටාවක සරල වීම අසීරු දෙයක්. ඒත් අපි දෙන්නාම හරි සරලයි. මං ඒකට කැමතියි.
දෙදෙනාගෙම වෘත්තිය රඟපෑම විතර ද?
ඔව්, දෙන්නාගෙම ප්‍රධාන දායකත්වය ලබා දෙන්නෙ රඟපෑමට. ඉදිරියේදී අපි දෙන්නාගේම ව්‍යාපාරයක් අරඹන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අලූත්ම විදියට, අමුතු විදියට කරන ඒ වැඬේ ගැන අපි මේ අවුරුද්ද අවසානයට පෙර ප්‍රකාශ කරනවා.
ඔබගෙ අම්මාට මේ පෙම්වතිය ගැන කිව්වාම ඇය මොනවද කිව්වේ?
කුඩා කාලයේ ඉඳලාම අපේ පවුල් දෙකේ අය දැනගෙන හිටියා. ඇත්තටම කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ.
ඇය ඔබට ආදරය ප්‍රකාශ කිරීමට පෙර. වෙනත් නිළියන්ගෙන් ආදර යෝජනා ලැබී තිබුණා ද?
කිසිම කෙනෙක්ගෙන් එහෙම ආදර යෝජනා ඇවිත් තිබුණේ නැහැ. පාසල් කාලයේ දී නොදැනුවත්කමට වූ බොළඳ ආදරයක් මට තිබුණා. මට හමු වූ කෙනා තමයි ඇය.
එහෙම නම් ඔබ දෙපළගේ ඉදිරි ගමනට අපේ සුබ පැතුම්!
ගොඩක් ස්තූතියි!
හැඩගැන්වීම් සැලෝන් (Charmin) අරුණි සෙව්වන්දි






