(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදීම සහ සාපරාධී බලහත්කාරකම් පෑම සම්බන්‍ධයෙන් වරද පිළිගත් ඇඹිලිපිටිය ප්රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල මහතාට ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් හිරෝෂනී ඉරේෂා කුමාරි කාහිංගල මහත්මිය බරපතල වැඩ සහිත තුන් මසක සිර දඬුවමක් සහ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියාට රුපියල් තිස් දසහක වන්දියක් ගෙවන ලෙස ද නියම කළාය.
මෙම තුන්මසක සිර දඬුවමට අමතරව තවත් වසරකුත් මාස නවයක බරපතල සිරදඩුවම් ඔහුට නියමූ නමුත් එවා වසර හත සහ පහ බැගින් වූ කාලයකට අත්හිටවනු ලැබීය.
වරද පිළිගත් දෙවන විත්තිකරුට හය මාසය බැගින්වූ බරපතල සිර දඬුවම් වසර පහකට අත්හිටවනු ලැබිණි.
ඇඹිලිපිටිය ප්රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල මහතා සහ පානාමුර හීන් දලූක්හින්නේ පදිංචි කංකානම් පතිරණගේ ප‍්‍රසන්න සන්තක ලක්මාල් යන දෙදෙනා පිළිවෙලින් මෙහි විත්තිකරුවෝය.