
(විමුක්ති එස් රුද්‍රිගු)
වසර 230 ක කාලයක් ඇමෙරිකාව තුළ සංසරණය වූ ශතයේ කාසිය මුද්‍රණය කිරීම නැවත්වීමට ඇමෙරිකාව තීරණය කර ඇත.
අවසන් ශතයේ කාසි තොගය පෙරේදා(12) මුද්‍රණය කිරීමට ඇමෙරිකාව කටයුතු කළේය.
මුද්‍රණය කර ඇති ශතයේ කාසි අඛන්ඩව වෙළෙඳපොළ තුළ සංසරණය වනු ඇති නමුත් නැවතත් ශතයේ කාසිය මුද්‍රණය නොකරන බව ඇමෙරිකානු රජය ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකානු ඩොලර් බිලියන 300 ක පමණ ශතයේ කාසි ප්‍රමාණයක් ඇමෙරිකාව තුළ තිබුනත් ඉන් සියයට 60 ක පමණ ප්‍රතිශතයක් තිබෙන්නේ සල්ලි කැට තුල බව එරට රජය පැවැසුවේය.
ඒ හේතුවෙන් සංසරණය වන්නේ සියයට 40 ක පමණ ප්‍රමාණයක් බවද ඇමෙරිකානු රජය ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව ප්‍රථම වතාවට ශතයේ කාසිය මුද්‍රණය කර ඇත්තේ 1793 වසරේ බවත් ශතයේ කාසිය මුද්‍රණය කිරීම නැවැත්වීමෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 56 ක මුදලක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

