බේදබින්න දේශපාලනයෙන් හා ගජමිතුරු ආර්ථිකයෙන් මිදුණු ශ්‍රී ලංකාවේ නව පාලනය සංහිඳියාව හා සංවර්ධනය කරා ආරම්භ කර ඇති නව මාවතට සහය දෙන බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා රජය ශක්තිමත් කිරීම සඳහා උපරිම සහය දෙන බවත්, විශේෂයෙන්ම රටේ නීතිය හා මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අතදෙන බවත් අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා හා මධ්‍යම ආසියානු කටයුතු බාර නියෝජ්‍ය අතිරේක ලේකම්(ප්‍රතිපත්ති) රිචර්ඩ් ඊ හෝලන්ඩ් මහතා අදහස් දක්වමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අද (3) කියා සිටියේය.
මානව හිමිකම් සුරක්ෂිත කිරීම ඇතුළු යහපාලනය ප්‍රවර්ධනය කිරීමට වත්මන් ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කිරීම පිළිබඳ තම ප්‍රසාදය හිමිවන බවද ඔහු එහිදි සඳහන් කර ඇතැයි ඇමෙරිකාව රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සදහන් වේ.
එසේම ඉන්දීය සාගරයේ නාවික ආරක්ෂාව තර කිරීමද ඉතා වැදගත් බව අමෙරිකා රාජ්‍ය නිලධාරියා අවධාරණය කර තිබේ.

