ඇමෙරිකාවෙන්-බ්‍රිතාන්‍යයෙන් ආ 76 ක් දියතලාවට


(ඩී.කේ.රත්න )

විදේශ රටවල සිට පැමිණි දේශීය මගීන් 76 දෙනෙකු අද (17) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලීසිය පවසයි.

ඇමෙරිකාවේ සහ එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයින් 76 දෙනෙකු මෙසේ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.

මේ අනුව දියතලාව ආශ‍්‍රිතව නිරෝධායන මධස්ථානයේ කඳවුරු 6 ක නිරෝධායනය වන  සම්පූර්ණ  ගණන 424 කි.

මෙම සියලූම පිරිස දින 14 ක නිරෝධායන කටයුතු වෙනුවෙන් මෙම නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබේ.