ඇමෙරිකාවෙන් එයි


ඇමෙරිකා එක්සත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් අඟහරුවාදා (25) ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ඉකුත් මැයි 02 ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ශ්‍රී ලංකා සංචාරයේ ඉදිරි පියවරක් ලෙස බිස්වාල් දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

බිස්වාල් ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙය  වන අතර මෙහිදී ඇය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා  පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදුවී යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම්ගැන ත‍්‍රී පුද්ගල එක්සත් ජාතීන් විද්වත් කමිටුව මෙරට සම්බන්ධයෙන් පැවැත්වු පරීක්ෂණයේ අවසන් වාර්තාව ලබන මස එක්සත් ජාතීන් ගේ මානව හිමකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙද්දී බිස්වාල් මහත්මිය මෙරටට පැමිණෙන්නීය. කාවේ යුද ගැටුම් පැවති සමයේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටියේ ඇමෙරිකාව ප‍්‍රමුඛ රටවල් කිහිපයකි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළබඳ සහකාර රාජ්‍ය ලේකම් බිස්වාල් මීට සති කිහිපයට පෙර ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබූ අතර මහ මැතිවරණය පැවැත්වීම නිසා එය කල් දැමිණි.