ඇමෙරිකාව සිරියාවට අනතුරු අඟවයි.


වොෂින්ටන්හිදීය (රොයිටර්)
සටන් විරාමය උල්ලංඝණය කළහොත් ස්ථීර සහ නිසි පියවර ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය සිරියාවට අනතුරු අඟවයි. 


සිරියාවේ නිරත දිග ප්‍රදේශ කිහිපයකට සටන් විරාම ප්‍රකාශයට පත්කර තිබේ. සිරියානු රජයේ හමුදා සටන් විරාම ප්‍රකාශයට පත් කර තිබියදීද යුද මෙහෙයුම් දියත් කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි. 


ඇමෙරිකා එක්සත් ජනපදය මෙම අනතුරු ඇඟවීම කරමින් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට ද චෝදනා කළේය. සිරියානු අර්බුදය උග්‍ර කරන්නේ ජනාධිපති බෂාර් අල් අසාද් යැයි ඇමෙරිකාව චෝදනා කළේය. 


“අසාද් රෙජීමය සටන් විරාමය උල්ලංඝණය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. දිගින් දිගටම එසේ වුවහොත් ඊට නිශ්චිත සහ සුදුසු ප්‍රතිචාර දක්වනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නෙවර්ට් පැවැසුවාය.  

- 055