ඇමෙරිකාව ලංකාව තද කරන්නම බලයි


ගැටුම් පැවති සමයේ සිදු වුවායැයි කියන  සිද්ධී සොයා බැලීම  සඳහා ඇමෙරිකාවේ  ජාත්‍යන්තර යුද අපරාධ නීතීය පිළිබඳ විශේෂ තානාපති  ස්ටීවන් ජේ රැප් උතුරේ කළ සංචාරය ගැන ටිවිටර් සමාජශාලා වෙබ් අඩවිය ඔස්සේ ඒකපාර්ශවීය ලෙස  පළ කළ ඡායාරූප  සහ විස්තර සම්බන්ධයෙන්  විදේශ අමාත්‍ය ජී එල් පීරිස්  වෙත කනස්සල්ල  පළ කැර ඇතැයි  විදේශ අමාත්‍යංශය පවසයි.

එසේම රැප් තානාපතිවරයා තුලින් එළැඹි තීන්දු තීරණ මත  හිදිමින් ශ්‍රී ලංකාව  ගැන නිගමනයන්ට එළැඹිම සම්බන්ධයෙන්  තමන් දැඩි විරෝධය  පළ කරන බවද  ඔහු කියයි.

මේ අතර  ජේ රැප්ගේ මෙරට පස් දින නිළ සංචාරය  සම්බන්ධයෙන්  අද (12) නිවේදනයක් නිකුත් කළ මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටියේ රැප් මෙරට රැදී සිටින කාලය තුලදී පැවැත් වු සාකච්ඡාවලදී යුද ගැටුම්  වල අවසාන කාලයේදී සිදු වු  මානව  අයිතිවාසිකම් බරපතල ලෙස අපහරණයට ලක් වීම,ඇතුළු ජාත්‍යන්තර  මානුෂිය නීතී  උල්ලංඝණය  පිළිබඳ ඇසින් දුටු සාක්කිවලට  සවන්දීමට හැකි වු බවයි.

මේ තත්ත්වය යටතේ ස්වාධින විශ්වාසදායි පරීක්ෂණ පැවැත්වු සත්‍ය සෙවිමටත් ,අදාළ අවස්ථාවලදි  දඩුවම් පැමිණවීමටත් ඇමෙරිකාව  ශ්‍රී ලංකා රජය දිරිමත්  කරවන බවද එහි සඳහන්ව ඇත.