ඇමෙරිකාව ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි


ඇමෙරිකා එක්සත් ජනපදය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
 
 ප්‍රාන්ත සියල්ලේම ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය ද හිමි ව ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 ම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ එරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.
 
 ප්‍රාන්තවලට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් දූපත්වලද මෙලෙස ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
 
 මේ අනුව එරට ෆෙඩරල් රජයේ මුදල් (මධ්‍යම රජය සතුව ඇති මුදල් ) භාවිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත සහ ප්‍රාදේශීය පාලන ඒකකවලට අවස්ථාව ලැබේ.
 
 ද ගාඩියන් 
 055​