ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ලංකාවේ සංචාරය හදිසියේ නවතී


(තිළිණි ද සිල්වා)

නොවැළැක්විය හැකි හේතුවක් මත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර තිබෙන බව මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය කියාසිටින්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ ජපානයේ G20 සමුළුවට සහභාගී වීම සඳහා යාමට සිදුවී ඇති බැවින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බවයි.

අමෙරිකානු රාජ්‍ය ලේකවරයා ලබන 24 වැනිදා සිට 30 වැනිදා අතර කාලය තුළදී සැලසුම් කර තිබූ ආසියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ද සංචාරය කිරීමට නියමිතව තිබිණි.