කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය වීමක් ලෙස කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියට ප්‍රදානයක් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය එම පරිත්‍යාගය කළ අතර ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය වෙනුවෙන් එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා එම උපකරණ ආදිය ඇතුළත් පරිත්‍යාගය භාරගත්තේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එම පරිත්‍යාගය කරන ලදි.
ඩියුපොන්ට් ටයිවෙක් ඕවරෝල් ඇඳුම්, නයිට්‍රයිල් අත්වැසුම්, බර වැඩවලදී යොදාගත හැකි අත්වැසුම්, බූට් ආවරණ සහ පිරිසුදුකාරක තොගයක් එම පරිත්‍යාගයට ඇතුළත් විය.
ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලයේ ආරක්ෂාවට සහ ඔවුන් වයිරසය වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගවලට එම උපකරණ යනාදිය භාවිත කෙරෙනු ඇත.
055


