ඇමෙරිකා කතුන් දෙදෙනකුට අතවර කරන්න ආ හෝටල් සේවකයා අත්අඩංගුවට



 
අමදෝරු අමරජීව

 
ත්‍රිකුණාමලය , උප්පුවේලි  පොලිස් වසමට අයත් සංචාරක හෝටලයක් තුළදී ආහාර ගනිමින් සිටි  ඇමෙරිකානු ජාතික කාන්තාවන් දෙදෙනකුට අතවර කිරිමට තැත් කළ හෝටල් සේවකයකු අද (7) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.  
 
මෙම විදේශිය කාන්තාවන්  දෙදෙනා ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ලොව  පාවෙන විශාලතම රෝහල් නෞකාව වන “ මර්සි“ නැවේ සේවය කරන දෙදෙනෙකු වේ. 
මෙම නැව ප්‍රජා සත්කාරක වැඩසටහන්  කිහිපයක් සඳහා  ත්‍රිකුණාමල වරායට සේන්දු වී ඇති අතර  ඉන් ලද විරාමයකදී මෙම කාන්තාවන් දෙදෙනා සංචාරක හෝටලයට  පැමිණ දිවා ආහාරය ගැනීමට සුදානම් වෙද්දි  මෙම අතවර කිරිමේ තැත් කිරිමට මුහුණ දි තිබේ.