ඇමෙරිකා ඇපල් කන්න එපා


මිනිස් පරිභෝජනයට නුසුදුසු බැක්ටිරියාවක් ඇමෙරිකා  ඇපල්වල අඩංගු බවට තහවුරු වී ඇති බව ඇමරිකා ආහාර දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

දැනට මෙරට වෙළදපොළේ ඇති ඇමෙරිකා ඇපල් ඉදිරි දින කීපයේ ඉවත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරණු ඇති බවත්, නමුත් වෙළද පළේ ඇත්තේ ඇමරිකාවෙන් ආනයනය කරන ලද ඇපල් ද වෙනත් රටකින් ආනයනය කරන ලද ඇපල්ද යන්න තහවුරු කර ගැනීම ගැටළුවක් බවද ඔහු කියයි.

මෙම තත්ත්වය නිසා ඇපල් මෙරටට ගෙන්වීමේදී ව්‍යාපාරිකයින් සතුව ඇති බිල් පත් හා වෙනත් ලියකියවිලි පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදුවන බවත් කෙසේ වෙතත් ව්‍යාපාරිකයින්ද මෙම අවස්ථාවේදී සද් භාවයෙන් කටයුතු කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙම තත්ත්වය නිසා හැකියාවක් ඇත්නම් ඉදිරි දින කීපයේ ඇපල් කෑමෙන් වැලකී සිටින ලෙස ඉල්ලීමක් කරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුවන්ගේ සංගමයේ සභාපති සදහන් කරයි.