ඇමැතිවරුන්ට ප්‍රශ්න ගොඩක්


(සුජිත් හේවාජූලිගේ)

සමාජයේ විවිධ ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් යොමු කරන ගැටළු 50කට ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී හෙට (5) පිළිතුරු දීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා කියයි.

පාර්ලිමේන්තු වාර්තා සඳහන් කරන අන්දමට එකම අවස්ථාවක ඇමැතිවරුනට වැඩිම ප්‍රශ්න ගණනක් යොමු වන පළමු අවස්ථාව මෙය බවයි.

පාර්ලිමේන්තුවේ කටයුතු අද සම්පූර්ණයෙන්ම වෙන් කෙරෙනුයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඇසීමේ වාරයට පමණක් බව පැවැසූ ඒ මහතා රජයේ අනෙකුත් කටයුතු අද සාකච්ඡාවට නොගන්නා බව ද පවසයි.

සාමාන්‍යයෙන් සඳුදා පාර්ලිමේන්තුව රැස්නොවන අතර මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට වැඩි ඉඩකඩක් දිමේ අරමුණින් වෙනම දියනක් මෙසේ වෙන් කළ බව එහි නිලධාරීහු පවසති.