රාජ්‍ය ආයතනවල මාරු කිරීම්, උසස්වීම් සම්බන්ධයෙන් අදාළ ආයතනයේ වෘත්තීය සමිති නොසලකමින් කරන ඉල්ලීම් ඉවත දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි කියයි.
වෘත්තීය සමිති නොසලකා ඍජුවම රාජ්‍ය ආයතනයන්හි උසස්වීම් හා මාරු කිරීම් ඍජුවම පාර්ලිමේන්තුවට යොමු කළහොත් ඒ කාරණා ගැන කටයුතු නොකරන ලෙස අගමැතිවරයා සියලු ඇමැතිවරුන්ට උපදෙස් දී ඇත.
ස්ථාන මාරුවීම් හා උසස්වීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග සාකච්ඡා කර කටයුතු කිරීමට රජය පහසුකම් සලසා තිබියදී එසේ නොකිරීම යම් යම් පාර්ශව කටයුතු කරන බවට නැගෙන චෝදනා කෙරෙහි අවධානය යොමු කර ඉහත තීරණය ගත් බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම රජයේ කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකු, රාජ්‍ය අමාත්‍යවරයකු හා නියෝජ්‍ය අමාත්‍යවරයකු සතිපතා හමුවීමේ අවස්ථාව සාමාන්‍ය ජනතාවට ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
රජයේ ඇමැතිවරුන් හා ජනතාව අතර සබඳතාව වඩාත් තහවුරු කිරීම සඳහා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම අවස්ථාව සලසා දී ඇත.

