ඇමැතිවරු වැඩ බාරගනිති


වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහි අමාත්‍යංශ කාර්යාලයේදී අද වැඩ බාරගත්තේය.

කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ සෙත් පිරිත් දේශනා කළහ. අමාත්‍යංශයේ පවතින සියලු ගැටළු විසඳමින් උපරිම සේවාවක් රට වෙනුවෙන් ලබාදෙන බවද දිසානායක මහතා එහිදී පැවසීය.

_DSC031naveen2015970 _DSC0331naveen_201597pic1

ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව


“රටට වැඩක්කරන්න මොන අමාත්‍යාංශය තිබුණත් පුළුවන්. අමාත්‍යාංශයේ නම සහ ඒකේ දිග පළල වැඩක් නෑ. මා පැමිණි ස්වදේශ කටයුතු අමාතයාංශයට දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරින් ඇතුළු රජයේ යාන්ත්‍රණය ඇතුලත් වෙනවා. ඇමති කෙනෙක් නැතත් මේ අමාත්‍යාංශයේ වැඩ රජයේ නිලධාරීන් කරගෙන යාවි“  යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද එම අමාතයාංශයේ දී සිය ධූරයේ වැඩ භාර ගනිමින් කියා සිටියේය. 

DSC_3344

ඡායාරූපය - සජීව විජේවීර

DSCwajira_201597_0610

ඡායාරූපය හා වීඩියෝ - ඉෂංක සුනිමල්


අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා අද බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය. 

Akila_201597IMG_3442 Akila_201597IMG_3450

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.

IMG_daya_201597sports8206

ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා