මානසික මට්ටම හොඳින් පවත්වා ගත හැකි වුෂු වැනි ක්‍රිඩාවක් ඉගෙන ගැනීම දේශපාලඥයින්ම ඉතා වැදගත් වන බව විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝර මහත්මිය ප්‍රකාශ කළාය.
ජිවිතයේ එදිනෙදා මුහුණ දෙන විවිධ ප්‍රශ්න වලට හොඳන් මුහුණ දිමට හැකි බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
එමෙන්ම දේශපාලඥයින් එවැනි ක්‍රිඩාවක් ප්‍රගුණ කර තිබිමෙන් තමන්ට ඇතිවන ගැටළු පමණක් නොව සමාජිය ගැටළු වලදී ද සමාජයට හිතකර ආකාරයට විසඳුම් ලබාදිමට හැකිවන බවද අතුකෝරල මහත්මිය කීවාය.
සමස්ත ලංකා වුෂූ තරඟාවලියේ බාලක අංශයේ ශුරතාවය දිනාගත් කලවාන ගාමිණි මහ විදුහලේ සිසුන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරිමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

