බන්ධනාගාරය තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විවිධ මත වාර්තාවන අතර එම සිද්ධින් සම්බන්ධයෙන් මාධ්‍ය විමසන කරුණු සඳහා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාට හෝ කොමසාරිස්වරයාට ප්‍රකාශ නිකුත් නොකර ලෙස තමා උපදෙස් දී ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
අද (13) උදෑසන සිට සිය අයිතිවාසිකම් ඉල්ලා වැලිකඩ බන්ධනාගාර වහළය මත නැග විරෝධතාවෙහි නියැලෙන රැදවියන් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරමින් මාධ්‍යට කරුණු දැක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරමින් අමාත්‍යවරිය මෙලෙස සඳහන් කළාය.
එමෙන්ම මේ මොහොතේ බන්ධනාගාර වහළය උඩ නැග උද්ඝෝෂණය කරන පිරිස් වහලය උඩ නොව කොහේ නැග උද්ඝෝෂණ කළත් පවතින නීතිමය තත්ත්වය යටතේ සියලු කටයුතු සිදු කෙරන බව සඳහන් කළ අමාත්‍යවරිය පෙර අවස්ථාවලදි මෙන් අයිතිවාසිකම් ඉල්ලා කෑගසන පිරිස් නැවැත්වීමට වෙඩි තැබීම් සිදු නොකරන බවත් අයිතිය ඉල්ලීමට ඔවුන්ට හැකි බවත් සඳහන් කළේය.
බන්ධනාගාර තොරතුරු මාධ්‍යට ලබා දීම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්නය සහ ඇමැතිවරියගේ පිළිතුර පහත දැක්වේ
ප්‍රශ්නය -බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකතුමායි කොමසාරිස්තුමායි මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරන්නේ නැහැ. ඒ පිළිබදව ඔබතුමිය මොනවා හරි උපදෙස් දීලා තියෙනවා ?
පිළිතුර- දීලා තියෙනවා. මාධ්‍යට කරුණු දක්වනවා නම් මගෙන් හරි අමාත්‍යාංශයේ ලේකම්තුමියගෙන් හරි ලිඛිත අවසර ගන්න ඕන .මොකද මාධ්‍යට කථා කර කර හදන්න පුළුවන් තැනක් නෙමෙයි නේ බන්ධනාගාරය .අපි බන්ධනාගාරය තුළ යම්කිසි තත්වයක් ඇති වෙලා තියෙන නිසා දැන් වෙන කොට නැවත මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නත් යෝජනා වෙලා තියෙනවා . ඉතිං අපි ක්‍රියාත්මක කරන අතරවාරයේම ඒවා නැවත ඇති නොවන්නත් වග බලා ගන්න එක අපේ වගකීමක්.