කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර පීත්ත පටිය කපා විවෘත කිරීම හේතුවෙන් අත් අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනා අද (18) මහර අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත පෝස්ටර් ඔසවාගෙන ‘මහින්ද මහත්තයාට ජයවේවා‘ යැයි ඔවුහු කෑගැසූහ.
එසේ කෑ ගසා පීත්ත පටිය කැපීමට සම්බන්ධවූ කාන්තාවන් දෙදෙනා මහර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු බවත් කියති.
අධිවේගය විවෘත කිරීමේ අවස්ථාවේදී මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බෙරහඬ හා නැටුම් මධ්‍යයේ මාර්ගයේ ඉදිරියට එමින් සිටියදී ජනතාව අතර සිටි එම කාන්තාවන් දෙදෙනා එක්වරම පැමිණ බෑගයකින් එළියට ගත් කතුරකින් පීත්ත පටිය කපා ඇත.

