ඇමැතිකම් වැඩි වීම බරක් නොවේ


සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති බාරගත් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එසෑණ සමග කියා සිටියේ ජනාධිපති තමා ගැන විශ්වාසය තබමින් දුන් මෙම ඇමතිකමින් උපරිම ඵල ප්‍රයෝජන ගාලු දිස්ත්‍රික් මෙන්ම දකුණු පළාත් ජනතාවටත් සමස්ත රට වැසියන්ටමත් දෙන බවයි.

ජනාධිපතිතුමාගේ විශ්වාසය කිසිදු ලෙසකින් කඩකිරිමට තමන් කටයුතු නොකරනා බවද එ මහතා කීය.

මෙතරම් ඇමැති මණ්ඩලයක් රටට බරක් නොවෙදෑයි එසෑණ කළ විමසුමට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පෑවසීය.

එක් ඈමතිවරයෙක් යටතේ අමාත්‍යංශ විශාල ප්‍රමාණයක් තිබිමෙන් කිසිදු පලක් නැහැ. ඇමතිකම් බෙදා වෙන් කිරිමෙන් රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම අමාත්‍යවරුන්ගේ කාර්ය භාරය විහිදුවාලිය හැකිය.

ජනාධිපතිතුමා බලාපොරොත්තුවන පරිදි ඉදිරියෙදී ශ්‍රි ලංකාව ආසියාවේ දියුණුම රටක් බවට පත් කිරිමටද එමගින් හැකියාව ලැබේ.