ඇමැති හකීම් පරීක්ෂණයක් ඉල්ලයි


අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වළක්වා සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව සැලසීමට පොලිසිය හා අනෙක් අංශ අපොහොසත් වීයැයි අධිකරණ ඇමැති හා මුස්ලිම් කොංග්‍රස් නායක ආහුෆ් හකීම් මහතා කියයි.

නීතිය හා සාමය බිඳ වැටීම ගැන පොලිසියත් අදාළ අංශත් වගකීම භාර ගත යුතුයි. මෙම සිදුවීමට පෙර පොලිසියේ උසස් නිලධරයන් ඒ පළාතට පැමිණ තිබෙනවා. මේ සිද්ධිය ගැන අපක්ෂපාත පරීක්ෂණයක් ඕනෑ. ජනතාවට උපරිම ආරක්ෂාව සලසා දීමේ වගකීම රජය ඉටු කළා දැයි ප්‍රශ්නයක් මතු වෙනවා. මේ රජයේ ඇමැතිවරයකු ලෙස මම ලැජ්ජා වෙනවා. ‘