ඇමැති ස්වාමිනාදන් රජයට කරුණු දක්වයි



 
(අංජුල මහික වීරරත්න)
 
යුද්ධයෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් කිසිදු කොටි නායකයකුට වන්දි නොලැබෙන බව පුනරුත්තාපන නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය රජයට කරුණූ වාර්තා කර තිබේ.


කොටි නායකයන්ට අමතරව එල්.ටී.ටී.ඊ යට ස්වකැමැත්තෙන් බැදුණු සෙබළුන්ට ද ඉහත යෝජනාව මගින් කිසිදු ප්‍රතිලාභයක් නැති බවද ඉහත වාර්තාවේ දැක්වේ.


ඉහත කැබිනට් පත්‍රිකාව මගින්  යුද්ධයේ පීඩාවට පත්වු සාමාන්‍ය දෙමළ වැසියන්ට සහන සැලසෙන බවද අමාත්‍යාංශ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


කැබිනට් පත්‍රිකාව හරහා පමණක් නොව යහපාලන ජාතික රජයේ අනෙකුත් පියවර මගින් ද යුද්ධයෙන් පීඩාවට පත් සාමාන්‍ය දෙමළ ජනතාවට කුමන ආකාරයෙන් හෝ වන්දි ලැබෙන පියවරක් සැකසීම සිය අමාත්‍යාංශයේ වගකීම බවද පුනරුත්ථාපන නැවත පදිංචි කිරිමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.