ඇමැති වෙනස ලෝක විහිළුවක් - විජිත හේරත්



 
නිමල කොඩිතුවක්කු
      
නව කැබිනට් මණ්ඩල සංශෝධනය  ජාතික රජයේ තවත් ලෝක විහිළුවක් බවත් ඉන් රටේත් ජනතාවගේත් ගැටලුවලට කිසිදු විසඳුමක් ලැබී නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ලංකාදීපයට පැවසීය.
 
විද්‍යාත්මක පදනමක් මත කැබිනට් මණ්ඩල සංශෝධනය  සිදුකිරීමට   විෂයන් මාරු කිරීමෙන් පමණක් ඵලක් නොවන බවත් ඒ අයගේ ජානමය වෙනසක්ද ඒ සමග සිදුවිය යුතු බවත් ඔහු  කියා සිටියේය. 
 
වැඩිදුරටත් අදහස්  දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙසේද කීය.
 
‘‘විදයාත්මක පදනමක් මත කැබිනට් සංශෝධනයක්  සිදුකිරීමට නම් මේ අයගේ ජාන වෙනස් වෙන්න  ඕනෑ. පේන විදියටනම් එහෙම ජාන වෙනස් වෙලා නැහැ. මේකෙන් ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ නැහැ.  


දැන් ගෑස් මිළ 245ක්න් වැඩියි. බඩු මිල වැඩියි. රුපියල බාල්දු වෙලා. උපාධිධාරීන් 52000ක් රැකියා නැතුව ඉන්නවා. මේවා තමයි ජනතාවට තියෙන  ප්‍රශ්න.  ඒ අයගේ ප්‍රශ්න වලට උත්තරයක් නැහැ.  
 
මේ තරහ වෙනවට යාළුවෙනවට  ඇමතිකම් දීලා නිකං මහ විහිළුවක් කරලා ජනතාව රවට්ටන වැඩක් මෙතන කරලා තියෙන්නේ. මේකෙන් කිසි ප්‍රයෝජනයක් රටට වෙන්නේ නැහැ. මේක ලෝක විහිළුවක්.‘ යනුවෙන්ද ඔහු පැවසීය.