ඇමැති රිෂාඩ්-බැසිල් අධිකරණයට කැඳවයි


 මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ 
 
ජනතාව පදිංචි කරන මුවාවෙන් විල්පත්තු වනාන්කරය විනාශ කරන බව සඳහන් කරමින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහත්වරුන්ට ලබන 05 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නොතීසි බාර දෙන ලෙස පැමිණිලිකරුවන්ට නියෝග කෙළ්ය.
 
නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනසුරු ප්‍රීතී පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනසුරු මඩුල්ලක් විසින් අදාළ නියෝගය නිකුත් කරන ලදී.