මාදිවෙල නිවස ගිනි ගත් දිනයෙන් පසු හිටපු ඇමැති සී බී රත්නායක මහතාගේ රියදුරා ආ ගිය අතක් නැතැයි ඔහුගේ බිරිය රම්බොඩගල්ල සහ මිරිහාන පොලිසිවලට පැමිණිලි කර ඇත.
ඔහු පසුගිය දෙවැනි දා රත්නායක මහතාගේ ගෙදරට දුරකතන ඇමතුමක් දී තමා බොරැල්ලේ සිටින බව කියා ඇත.
ඉක්මනින් ගෙදර එන බව කීවත් ඔහු රත්නායක මහතාගේ නිවසට හෝ ඔහුගේ නිවසට ගොස් නැත.

