( ක.ග කරුණාරත්න සහ ඩබ්ලිව් පියතිලක)
කොටි සැමරුම නිවැරදි බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා පසුගියදා කරන ලදැයි කියන ප්‍රකාශයට විරෝධය පලකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද(20) පෙරවරුවේ හිඟුරක්ගොඩ නගරයේ දී විරෝධතාවක නිරත වූහ.
එහිදී විරෝධතාකරුවෝ දෙවියන්ට පොල් ගසා පඹයෙකු ද පුළුස්සා දැමූහ.
උතුරු මැද පළාත් සභාවේ හිටපු ඇමති පුංචි බණ්ඩා රත්නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.