ඇමැති රාජිත පවුල නිදහස්


බාල වයස්කාර දැරියක පැහැරගෙන බලෙන් රඳවාගෙන සිටිතියි ඇමැති රාජිත සේනාරත්න, ඔහුගේ පුත් එක්සත් සේනාරත්න , බිරිය දොස්තර සුජාතා සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සියලු චෝදනාවලින් නිදහස් කරන බව කොළඹ ප්‍රධාන මහේත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23) ප්‍රකාශ කළේය.

දැරියගේ මව්පියන් විසින් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පෙස්සම මහාධිකරණයෙන් ඉල්ලා අස්කරගෙන ඇති හෙයින් තව දුරටත් මහේස්ත්‍රාත් උසාවියේ විභාගයෙන් පළක් නැති බව මහේස්ත්‍රාත් කීවේය.

මහේස්ත්‍රාවරයා පැවසුයේ පෙත්සම්කරුවන් මහාධිකරණයේ පෙත්සම ඉවත් කරගත් හෙයින් නඩුව ඉවත දමා ඇති බවයි.

ඒ අනුව සැකකරුවන් නිදහස් කරන බව ද මහේස්ත්‍රාත් කීවේය.

දැරිය මහේස්ත්‍රාත් උසාවියේ දී ප්‍රකාශයක් කරමින් පැවසුවේ තව දෙසතියකින් තමා වැඩිහිටියකු වන බවයි. තමා මව්පියන් සමග ජීවත් වීමට අකමැති බවත් ඇය කියා ඇත.