ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්


ඉන්දිකා රාමනායක සහ පැටි‍්‍රක් මාකස්

 

බීමතින්  කැබ් රථයක් පදවා හලාවත බංගදෙණිය  කොට්ටපිටිය ප‍්‍රදේශයේ නිවසකට අලාභ හානි සිදු කළැයි අත්අඩංගුවට ගත්  පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ පුත් යශෝධ රංගේබංඩාර ජුනි 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නුගේගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් තිස්ස විජේරත්න  මහතා   අද (8) නියෝග කළේය.

හලාවත මහේස්ත‍්‍රාත්වරයාගේ  ලිඛිත  නියෝගයකට අනුව වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා  රෝහලට පැමිණ  සැකකරු  පරික්ෂා කර බලා මෙම නියෝගය කළේය.

රාජ්‍ය දේපලක් සාපරාධී සාවද්‍ය පරිහරණය,බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරිම,කඩුවක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් හලාවත පොලිසිය මොහු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.