ජුඩ් සමන්ත
හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේ දී සිදුවී ඇති අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුතා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
අද (6) වැනි දා අලුයම 12.50 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ යශෝධ රංගේබණ්ඩාර (අවු:25) නම් අයෙකි.
අනතුරට පත්ව ඇත්තේ වාරි මාර්ග අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් බව පොලීසිය කියයි.
අතුරු මාර්ගයක සිට පැමිණ ඇති කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කොට්ටපිටිය මංසන්ධියේ ඇති නිවසක් තුළට කඩා වැදීම හේතුවෙන් අනතුර සිදුවී ඇත. අනතුරින් කැබ් රථයට සහ නිවසටද හානි සිදුවී ඇත.
ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.