ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට


ඔගස්ටින් ප‍්‍රනාන්දු                                            

කොළඹ පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී නිවසකට දැඩි ලෙසින් හානි කරමින් සිදුවු අනතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශකට අයත් කැබ් රථය පැදවු යශෝධ රංගේ බණ්ඩාර මහතා ජයවර්ධන පුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී අද (8) අලුයම අත්අඩංගුවට ගත් බව ආරචිචිකටිටුව පොලිසිය කියයි.

ඊයේ (7) අලුයම එකට පමණ කරුකුපොනේ අතුරු මාර්ගය ඔස්සේ අධි වේගයෙන් පැමිණි මෙම කැබ් රථය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන බංගදෙණිය කෝටිටපිටිය හන්දියේ පදිංචි හේවාගාල්ලගේ චාමක ලහිරු නුවන් අමරදිවාකාර මහතාට අයත් නිවසට දැඩි ලෙසින් හානි කරමින් එම නිවසේ තාප්පය හා බිත්තිය කඩා ගෙන සාලයට ඇතුළු වී තිබිණි.

මෙම රථය පැදවු බව කියන යශෝධ රංගේ බණ්ඩාර අනතුර සිදුවු අවස්ථාවේ දී අධික ලෙසින් මත්පැන් පානය කර සිටි අතර එම රථයෙහි තිබි විදේශ මත්පැන් බෝතලයක් සෝඩා බෝතලයක් විකටි කුරක් බේස් බෝල් පිත්තක් හා කඩුවක් තිබි පොලිස් බාරයට ගෙන ඇත.